උදේ පාන්දරම කුකුළත් අතේ අරන් හා පැටික්කීගෙන් කෝල් එකක්. උදේ පාන්දරම එයා ගීතයක් අහලා. (පෝය ළඟයිනේ
) සින්දුව ඇහෙනකොට මාව මතක් වුනාලු. මමත් ඒක අහපු ගමන් සින්දුව බාගෙන ඇහුවා. ඇත්ත, මගේම කරගෙන අහන්න පුළුවන් ගීතයක්. ඇහෙන ගීතයක් නෙවෙයි. මීට කලින් අහල තිබුණ බවට මතකයකුත් නෑ. හරිම ළයාන්විත ගීතයක්. ඉතින් බෙදාගන්න හිතුවා. හඬ මිහිර විඳින්න ගීතයේ පළවෙනි පේළිය click කරන්න. මේ ගීතය විඳිද්දී මට නම් ආදරය විරහව මිශ්‍ර වචනෙන් කියන්න බැරි අමුතුම හැඟීමක් හිතට ගතට දැනෙනවා. අහලම විඳලම බලන්න.
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහි මත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
හඬ – සුනිල් එදිරිසිංහ
පද – ![]()
නද –


බණ්ඩාර කේ විජේතුංග තමයි ලිව්වෙ. රෝහණ වීරසිංහ මහත්තය තමා මියුසික්..
http://blogvampa.blogspot.co.nz/2012/01/blog-post_23.html
දින කීපයකට කලිං මාත් ඕක ලිව්වා.. ඔතන ඇති තනිකලේ කියල සින්දුවක්.. උඹ අහල තියෙනවද බලපං..
ස්තුතියි.. කටපාඩම් වෙනකන් තනිකලේ කෙලෙසද මා කියන සින්දුව අහපු කාලයක් තිබුනා..
හැබැයි ඒ ගොඩක් ඉස්සර.. ඒකත් මාරම සින්දුවක් තමයි.
සුනිල්ගේ ගීවලට මමත් කැමතියි. ඒ ගීතවල දාර්ශනික ගායන ශෛලියක් තියනවා.
මමත් මේ ඇහුවමයි.. මේ වචන..හඩ.ස0ගීතය දැනෙනවා හොදට
දැං ඔය සෙනෙහස මැන්නා මදැයි, අලුත් ලිපියක් ලියන්නකෝ